අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා – අනුර

තම පක්ෂය භාවිතා කරන වචනවල අර්ථය විකෘති කරමින් වත්මන් පාලකයින් ප්‍රචාර ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය යන පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව ළඟ බවද, ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුවට ලබා දෙන අතර, එහි විධායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් විධායකයට ලබා දෙන බවද, එමෙන්ම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද අණපනත් අනුව අධිකරණයක් වෙත පවරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙලෙස අවසාන වශයෙන් බලය ඇත්තේ ජනතාව ළඟ බවද, තම පක්ෂය අදහස් කළේ මධ්‍යගත කේන්ද්‍රයක පවතින ජනතාවගේ මෙම බලය, තව දුරටත් විමධ්‍යගත විය යුතුය යන සංකල්පය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

නමුත් ඒ සඳහා වත්මන් පාලකයින් තම පක්ෂය ගමේ නඩු ඇසීමට යන බවට විකෘති අර්ථකථනයක් ලබා දෙමින් සිටින බවද සඳහන් කළ ඔහු, ඉතා වැදගත් දේශපාලන සංකල්පයක් පැවසූ පසු එය විකෘති කිරීම සඳහා මෙම පාලකයින් මොනතරම් අතාර්කික කරුණු දැක්වීම්වලට පෙළැඹී ඇත්දායි ඊයේ (11) පැවති ජාතික ජන බලවේගයේ මිනින්දෝරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමින් ප්‍රශ්න කර සිටියා.

news images
news images
news images