සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ – සේනක ද සිල්වා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගයේ ලකුණින් ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන බව ඩයනා ගමගේගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා පවසනවා.

පක්ෂය ලබාදීම සිදුකරන්නේ එකඟතා ලියවිල්ලක් මත බවයි (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ.

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිනොගන්නා තැනකට මෙය ගෙන යා හැකි බවත්, අවශ්‍ය අවස්ථාවේදී එම තුරුම්පුව ක්‍රියාත්මක කරන බවයි ඩයනා ගමගේගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.