අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ශ්‍රී ලංකා­වට අම­ත­රව සිය ආසි­යානු සංචා­ර­යේදී ඉන්දි­යාවේ සහ බංග්ලා­දේ­ශයේ සංචා­රය කිරී­මට නිය­මි­තව තිබෙන අතර සංචා­රය ආරම්භ කර­මින් (10) ඉන්දි­යා­වට පැමිණි බව ඇමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. ඒ මහ­තාගේ ආසි­යානු සංචා­රය එක් එක් රට­වල් සමඟ ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කරනු ඇති අතර නිද­හස්, විවෘත සහ සමෘ­ද්ධි­මත් ඉන්දු-ශාන්ති­කර කලා­ප­යක් සඳහා එක්සත් ජන­ප­දයේ සහ­යෝ­ගය පෙන්නුම් කරයි. ඉන්දි­යාවේ චෙන්නා­යි­හිදී, සහ­කාර ලේක­ම්ව­රයා දකුණු ඉන්දි­යාවේ ද්විපා­ර්ශ්වික කට­යුතු ශක්ති­මත් කිරීම සඳහා කොන්සල් නිල­ධා­රීන් හමු වන අතර, ඊට අම­ත­රව තවත් කණ්ඩා­යම් සමඟ සාකච්ඡා කිරී­මට නිය­මි­තව ඇත.

සිය ඉන්දීය සංචා­ර­යෙන් අන­තු­රුව ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘ­තිය සඳහා එක්සත් ජන­ප­දයේ සහ­යෝ­ගය මෙන්ම නිද­හස් හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සමා­ජ­යක මුල්ග­ලක් ස ශක්ති­මත් සිවිල් සමා­ජ­යක වැද­ග­ත්කම තහ­වුරු කරයි. ශ්‍රී ලංකා සංචා­ර­යෙන් අන­තු­රුව ඒ මහතා බංග්ලා­දේ­ශය බලා පිටත්ව යෑමට නිය­මි­තව තිබේ.