රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙක් සමඟ එකතුවීමට හෝ වෙන්වීමට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙහිදී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය නොදන්නා බවත් ඡන්දයක් තැබීමෙන් අනතුරුව බලාගත හැකි බවයි.