විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම (09) ආරම්භ වුණා.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පාර්ශ්ව 14 ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.