මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය (09) නියෝග කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.