දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආයේ වැටෙන්නේ අපායටමයි – ජනපති

මීට වසර දෙකකට පෙර තිබුණු තත්ත්වයට වඩා රට ඉහළට ගමන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ ගෙවමින් ඇත්තේ අපායේ විවේකයක් බවට විවිධ පිරිස් කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ වන විට අපායෙන් ගොඩ එමින් ඇති බවයි.

නමුත් දුර දැක්මක් නොමැතිව කෙටි කාලීන අපේක්ෂා ඉලක්ක කර ගනිමින් දැනට යන ගමනේ පීල්ල මාරු කළහොත් යළිත් අපායටම වැටෙන බවයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.