ඩයනාට විදේශගත වීම වළක්වාලමින් නියෝගයක්

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසද නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කර තිබෙනවා.