ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදකයෙකු වන අමුල් සමාගම පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිවේදනය කළා.

අමුල් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක් බවත්, මෙම සම්බන්ධ වීම නිසැකවම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතරට යෑමට උපකාරී වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවා.

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය  ජුනි 1 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව ICC පිරිමි T20 2024 ලෝක කුසලාන ගමන ජුනි 3 වන දින නිව්යෝර්ක් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ කිරීමට නියමිතයි.