2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීම (07) දිනයෙන් අවසන් වුණා.

විරෝධතා සහ අභියාචනා ඉදිරි මාස එකහමාරක කාලය තුළදී සමාලෝචනය කරන බවත්, දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ කටයුතු සිදු කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටිනවා.

2024 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම මෙවර මැතිවරණයට පෙර අවසන් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.