සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු – සජිත් ප්‍රේමදාස

තමා සිදුකරන්නේ ආධාර බෙදීම බව ඇතැමුන් දෝෂාරෝපණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔවුන් එසේ දෝෂාරෝපණය කළ ද, තමා බෙදන්නේ මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය නොවන බවද, මත්පැන් හෝ දුම්වැටි කිසිදා තමන් කටේ තබාවත් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

“සක්වල” වැඩසටහන යට​තේ තමා මෙරට පාසල්වලට බෙදන්නේ ශබ්දකෝෂ, Smart Boards වැනි දෑ බවද, රාජ්‍ය බලය නොමැතිව රට පුරා වැඩක් කළ එම ව්‍යාපෘතිය මෙරට “System Change එකක්” බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.