මෛත්‍රී­ගෙන් දෙවැනි දින­ටත් ප්‍රකාශ සට­හන් කර­ගනී

පාස්කු දින ප්‍රහා­රය එල්ල කළ සැබෑ අප­රා­ධ­ක­රු­වන් කවු­රු­න්දැයි තමා දන්නා බව සඳ­හන් කර­මින් කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව (03) දෙවැනි දින­ටත් හිටපු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ. පැය දෙකක පමණ කාල­යක් මෛත්‍රී­පාල සිරි­සේන­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.මෛත්‍රී­පාල සිරි­සේන විසින් කළ එම ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් මාර්තු 25 වැනිදා ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැය 5ක කාල­යක් ප්‍රකාශ ලබා­දු­න්නේය. එහිදී ඔහු විසින් දුන් කට­උ­ත්ත­රයේ සඳ­හන් කරන විම­ර්ශන පවත්වා වැඩි­දුර ප්‍රකා­ශය මෙසේ ලබා­ගෙන ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.