ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය
එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමේ අවදානමක් මෙවසර අවසන් වන තෙක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කරයි. මැයි සහ ජූනි මාසවල මෙරට වෙළෙඳපොළේ එළවළු, පලතුරු මෙන්ම අනෙකුත් ආහාර භෝගවල මිල මට්ටම්වල හැසිරීම පිළිබඳ ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධ පූර්ව දැනුවත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට භාර දෙමින් එම ආයතනය මේ කරුණු අවධාරණය කර ඇත.
කාලගුණික වශයෙන් ඉදිරි කාලය තුළ දැඩි බලපෑමක් සිදු නොවුණ හොත් සහ දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය එසේම පැවතුණ හොත් මෙවසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ඉහළ යෑමක් සිදු නොවනු ඇතැයිද ඒ ආයතනය සඳහන් කර තිබේ. මේ හැර සහල් මිල සම්බන්ධව ගතහොත් ජනතාවගෙන් 90%ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස තුන තුළත් නොවෙනස්ව පවතී.මේ වන විට බඩඉරිඟු කිලෝග්රෑමය රු. 125-135 වැනි මිල ගණන් යටතේ අලෙවි වන බවද ඒ වාර්තාව අනාවරණය කරයි.