On-Arrival Visa නිකුත් කිරීම සමාගමකට දුන්නේ කැබිනට් අනුමැතිය සහිතව – රජය

රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (On-Arrival) ක්‍රමය යටතේ Visa නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS Global සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව රජය නිවේදනය කරනවා.

2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවීමේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි එහි සඳහන් වෙන්නේ.

අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන, මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලද අතර රටවල් 151 ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක ‌සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් බවයි රජය අවධාරණය කරන්නේ.

නමුත් පසුගිය දිනක ඔවුන්ගේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත්, කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන් බව පවසන කරුණ අසත්‍ය කාරණයක් බවයි සඳහන් වෙන්නේ.

ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභි‌යෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියාකරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් නිවේදනයේ සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images