විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

තම නිවසේ විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි වයස අවුරුදු 36ක තිදරු පියෙක් විදුලි සැර වැදීමෙන් (02) දින මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පැවැසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කූඹියන්ගොඩ කොටුවේගෙදර පදිංචි හේවා ජයලත්ගේ අමල් නාලක ප්‍රේමරත්න යන අයයි.

විදුලි සැර වැදීමෙන් මරණයට පත් වූ පුද්ගලයා තම නිවසේ විදුලි පේනුවක අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී එයින් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී විසි වී බිම වැටී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව විදුලි සැර වැදුණු පුද්ගලයාව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ ද රෝගියා ඇතුළත් කරන විටත් මරණයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.