මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම වැඩපිළිවෙළ තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හරහා රටට සුගතියක් නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැයි මාසය ඇතුළත තම කණ්ඩායම විසින් නව සන්ධානයක් ගොඩනඟන බවද, එයින් ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.