ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති බවයි උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ සඳහා සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.