මාස දෙක හමාරේ සිඟිතියගේ දේහය ළි‌ඳෙන් හමුවෙයි – මව අත්අඩංගුවට

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ,මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය ,එම  නිවසේ ළිදේ පාවෙමින් තිබියදී කල්පිටිය  පොලිසිය විසින් සොයාගෙන ඇති අතර දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.

(02) අලුයම 5.10 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මෙම මෘත දේහය සහිත ළිඳ සොයාගෙන ඇත.

මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියකි.අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ මව වන 36 හැවිරිදි මොහොමඩ් රාෆික් සිත්ති රක්ෂානා නම් තැනැත්තිය යි.

සිදුවීම වූ අද අලුයම නිවසේ සිට ඇත්තේ දරුවාගේ මවත් අට හැවිරිදි දැරියක සහ හතර හැවිරිදි පුතෙකුත් ය. පියා එම අවස්ථාවේ නිවසේ නොසිටිය බවත් ඔහු රැකියාව සදහා වෙනත් ප්‍රදේශයකට ගොස් සිට ඇත. පොලිසිය විසින් ප්‍රකාශ ලබා ගැනීම සදහා මේ වන විට ඔහුව ද පොලිසියට කැදවා ඇත.

සැකකාරියගේ මෙම විවාහය දෙවන විවාහය වන අතර ඇගේ සැමියාගේ මේ සිව් වන විවාහයයි.

කල්පිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මිල් රෝයි යන අයගේ සහභාගීත්වයෙන් මූලික පරීක්ෂණ ක්‍රියාත්මකයි.මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.