දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

PMD News