ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වෙලා තියෙනවා – අනුර

අද වන විට ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

01) මාතර පැවති ජාතික ජන බලවේගයේ මැයි රැළිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය ජයග්‍රහණය කළ හැකි සටනක් බවයි.

තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයක් බවත් අගෝස්තු වන විට මැතිවරණ කටයුතු ආරම්භ වන බවයි ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති ජනතා පිරිස අනුව ඉදිරි ජයග්‍රහණය පැහැදිලිව පෙන්නුම් කරන බවද, සතුරාගේ කලබලවීම හමුවේද එය හොඳින් පෙන්නුම් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

news images
news images
news images
news images
news images