අපිට වඩා වැරදි කරපු කුහක මිනිසුන් ගාවට යනවාට වඩා අපේ වැරදි නිවැරදි කරගෙන එක්ව ගමනක් යමු – මහින්ද

බලය ඇති කාලයේ මෙන්ම නැති කාලයේද කම්කරුවා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටිය බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කවුරුන් කෙසේ ප්‍රකාශ කළද මෙරට වැඩබිමේ සහ ගොවි බිමේ වැඩිම බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවයි මැදි දින රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම මැයි රැළිය තීරණත්මක බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු රට ගමන් කරන්නේ කොයිබටද යන තීන්දුව අද සිට රටට ගෙන යා යුතු බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අද කයිවාරු නායකයින් පහර ගහන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවත් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 69 ලක්ෂය බෙදා ගැනීමට බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතින් වැරදි සිදුවූයේ නම්, අපිට වඩා වැරදි දහස් ගණනක් සිදුකළ කුහක මිනිසුන් ගාවට යනවාට වඩා අපට සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් දිනන රටක් වෙනුවෙන් සියදු දෙනා එක ගමනක් යා යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.