WT20 Qualifier: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති 14 වැනි තරගයෙන් උගන්ඩාව පරදා ලකුණු 67 ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර, මූලික වටය යටතේ ඔවුන් ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 3 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

ලකුණු පුවරුව පහතින්.

news images
news images
news images
news images