CSK vs PBKS: Punjab Kings කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස Punjab Kings කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5 ක් අවසානයේ සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මතීෂ පතිරණ ඊයේ (01) ආබාධයක් හේතුවෙන් තරඟයට ඇතුළත්ව තිබුනේ නැහැ.

ලකුණු පුවරුව පහතින්.

news images
news images
news images
news images