සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළට

(01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.