වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි – වාහන ආනයනකරුවන්

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

2017, 2018, 2019 වසරවලදී වාහන ආනයනය කිරීමේදී 85%ක් ගෙන්වා ඇත්තේ පාවිච්චි කරන ලද වාහන බවත්, 15% ක් පමණක් අලුත් වාහන ගෙන්වා ඇති බවයි එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කළේ.

පාවිච්චි කරන ලද වාහන 85% ගෙන්වා ඇත්තේ ජපන් රටෙන් බවත්, ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ ජනතාව කැමති දෙයට බවයි ඔහු සඳහන් කළේ.

ජනතාවගේ අවශ්‍යතාව නොමැතිව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කිරීමට ගියහොත් පරිහානියක් ඇති වෙන බවත්, වාහන ආනයනය සම්බන්ධයෙන් කොළ එළියක් ලැබී ඇති මොහොතක වාහන ආනයනකරුවන්ද ඇතුලත් කමිටුවක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.