ඩිසල් මිල අඩු වූවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු

ඩීසල් මිල අඩුවූවද බස් ගාස්තු වල වෙනසක් සිදුකිරිමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලි​ක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඒ අනුව මාස තුනක් තිස්සේ රුපියල් 28 ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මිල සූත්‍රය අනුව බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් 55 කින් වත් අඩුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදී ඇති ජුලි පළමුවෙනිදාට ඉන්ධන අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවයි ගැමුණු විජේරත්න පවසන්නේ.