උසස් පෙළ ප්‍රතිඵල මැයි අවසානයේ දී

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිට ඇත.