අයිපීඑල් නායකයෝ 7ක් ලක්ෂ ගණන් දඩකති

ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වල නායකයින් 8කට මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් ලක්ෂ ගණනින් දඩ නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් නායක රුතුරාජ් ගයික්වාඩ්, ලක්නව් සුපර් ජයන්ට්ස් නායක කේ.එල්. රාහුල්, මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා, කොල්කටා නයිට් රයිඩර්ස් නායක ශ්‍රෙයාස් අයියර්, ගුජරාට් ටයිටන්ස් නායක ශුබ්මන් ගිල්, රාජස්ථාන් රෝයල්ස් නායක සංජු සැම්සන් යන ක්‍රීඩකයින්ට මන්දගාමී ඕවර අනුපාතය හේතුවෙන් රුපියල් ලක්ෂ 12 බැගින් දඩ නියම විය.

මේ අතර, දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි හා චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවති පිට පිට තරග දෙකක දී මන්දගාමී ඕවර අනුපාතය හේතුවෙන් රුපියල් ලක්ෂ 24ක දඩයකට යටත් විය.