නයිජීරියාවේ කාන්තාවක් අඛණ්ඩව පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා ගිනස් පොතට

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ අමෙරිකාවේ රොබ් ඔලිවර් නමැති පුද්ගලයකු බවත්, ඔහු 2022 වසරේදී පැය 37කුත්, මිනිත්තු 44ක කාලයක් අඛණ්ඩව සම්මුඛ සාකච්ඡා පවත්වමින් එම වාර්තාව තැබූ බව ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවිය සඳහන් කළේය. සිය වාර්තාව අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැලඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.