ජනාධිපතිවරණය ගැන IHP මාර්තු සමීක්ෂණයට අනුව අනුරට 44%ක්, සජිත්ට 41%ක් සහ ​රනිල්ට 8%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් මාර්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් පෙරමුණ ගෙන ඇති නමුත් පෙබරවාරි මාසයේදී ඔහු ලබාගෙන තිබූ 53%ක ප්‍රතිශතය මාර්තු මාසයේදී 44% ක් දක්වා අඩු වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස පෙබරවාරි මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 34%ක ප්‍රතිශතය ​මාර්තු මාසයේදී 44% ක් දක්වා වැඩි වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි මාසයේදී ලබාගෙන තිබූ 6% ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී 8% ක් දක්වා වැඩි වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා පෙබරවාරි මාසයේ ලබාගෙන තිබූ 7% ක ප්‍රතිශතය මාර්තු මාසයේදී ද නොවෙනස්ව ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මාර්තු මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, IHP ආයතනයේ මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්​.

news images
news images
news images