චමුදි පිළිගන්න උත්සවයක් අනිද්දා

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වයස අවුරුදු 19න් පහළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේදී එංගන්තයට එරෙහිව ලකුණු 42ට කඩුලු 5ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් පෙන්වමින් ඌව පළාතට, මොනරාගල දස්ත්‍රික්කයට කීර්තියක් ලබාදුන් මෝ/ පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන චමුදි ප්‍රබෝධා මුණසිංහ සිසුවිය ඇගයීමේ උත්සවයක් ලබන (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චමුදි ඉගෙන ගන්නා මෝ/ පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.සරත් රත්නායක හා ක්‍රීඩා හා සෞඛ්‍ය අංශ භාර ආචාරිනී නාලිකා ප්‍රියාමනී විජේරත්න ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කරති. චමුදි ප්‍රබෝධා දියණිය රැගත් රථ පෙරහර කුඹුක්කන පාසල අසලින් ආරම්භ වී මොනරාගල නගරයේ සිට බුත්තල නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.