අවසර නැතිව මැයි රැලි පෙළපාළිවලට ඩ්‍රෝන කැමරා තහනම්

ලෝක කම්කරු දිනයට යෙදෙන (01) පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන පුද්ගලයන් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අනවසරයෙන් මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලු මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව සඳහා අදාළ බව පොලිසිය සඳහන් කරයි.

අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.