Month April 2024

පාතාලය මඬින්න බස්නාහිරට-ගාල්ලට පොලිසියේ සීයයක යතුරුපැදි බළකායක්

පාතාලය මැඬලීමේ කාර්ය සඳහා බස්නාහිර හා ගාල්ලට යෙදවීමට පොලිසියේ සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි බළකායක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය. එම යතුරුපැදි අධිබලැති ඒවා බවත් අපරාධකරුවන් පලා යන විට ඒ පසුපස ක්ෂණිකව පන්නාගොස් කොටුකර…

මිනී මරා ‘සොරි’ කියන අයට රට භාර දෙන්න එපා

මේ රටේ තරුණ ජීවිත 60,000ක් 88-99 කාලයේ මැරුණු බව කැනඩාවේදී පිළිගෙන ඊට සොරි කියූ නායකයන්ට රට භාර දෙන්න එපා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න බදුල්ලේ පැවැති ජන හමුවක් අමතමින් (31) පැවැසීය. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක…

යූටියුබයේ දැන්වීම් දමා ලක්ෂ 50ක රන්-මුදල්වලට විද්ද

අඟුරුවාතොට ජ්‍යොතිර්වේදියා අත්අඩංගුවට ජ්‍යොතිෂවේදියකු ලෙස පෙනී සිටිමින් දේවාලයක්ද පවත්වාගෙන යමින් ජනතාව මුළා කර රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදල් හා රත්රන් වංචනිකව ලබා ගත් පුද්ගලයකු අඟුරුවාතොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා ආචාර්ය උපාධියක් සහ තවත් ගරු නම්බු නාම පදවි…

සවුත්ලන්ඩ්ස් විදුහල් බාලදක්ෂිකා පෙරහර ගාල්ලේදී

ගාල්ල, සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමය විසින් සංවිධාන කරන ලද වාර්ෂික බාලදක්ෂිකා පෙරහර, පසුගිය දා ගාල්ල කොටුවේ වීදි සංචාරය කළේය. නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු සංස්කෘතික අංග ගණනාවකින් පෙරහර විචිත්‍රවත් වී තිබිණි.

රයිගම් ටෙලි සම්මාන උලෙළේ

වසරේ සම්මානනීය නාළිකාව ITN සම්මාන 22ක් හිමි කර ගනිමින් නාළිකාවකට හිමි වැඩිම සම්මාන ගණනත් ලබාගනී නාළිකාවක් හිමි කරගත් වැඩිම සම්මාන ගොන්නට උරුමකම් කියමින් ස්වාධීන රූපවාහනි මාධ්‍ය ජාලය 20 වැනි රයිගම් සම්මාන උලෙළේ සමස්ත සම්මාන අතරින් සම්මාන 22ක් හිමි කර ගෙන…

පාස්කු මංගල්‍යය සමරමින්…

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය රට පුරා දේවස්ථානවලදී දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ (31) සැමරිනි. මේ සඳහා දස දහසකට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබිණි. මේ දේවමෙහෙයන් සඳහා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

අන්තර්ජාල ළම‍ා හිංසන මඬින මාර්ගගත ප්‍රවේශය එළිදකී

අන්තර්ජාලය වෙත යොමු කර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරු වන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය 28 දා සිදු විය. ළමා ලිංගික අපයෝජන සිදුවීම්…

බිත්තරයක් රු.35ට අඩුවෙන්

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි. දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය අනාවරණය කර ඇති අතර,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම…

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: * පෙට්‍රල් 95 – රු. 7 කින් (නව…