Month April 2024

සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම ගැන මාලිමා නාය­කයා කැන­ඩා­වේදී බොරු කියලා

මෙරට සංචා­රය කරන සුදු ජාති­ක­යින් ගෙන් 33 % ක් යළි මෙරට සංචා­රය සඳහා පැමි­ණෙද්දී මාලි­මාවේ නාය­කයා එය 3 % ක් ලෙස සඳ­හන් කර­මින් කැන­ඩාවේ දී සාවද්‍ය ප්‍රකා­ශ­යක් කළේ යැයි සංචා­රක, ඉඩම් හා ක්‍රීඩා හා යෞවන කට­යුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පව­සයි. …

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර වයඹ…

පළවෙනි දවසෙම එන උන්ට ගහලා එලෙව්වා නම් තාමත් තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් – රෝහිත

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පළමු දිනයේම අරගලකරුවන්ට පහර දී එලවා දැමුවේ නම් තවමත් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. තමන් පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකා ගානේ ගොස් කළ හැකි සියලු දෑ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ…

SL vs BAN 2nd Test : තෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය (01) අවසන් වුණා. තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා…

ජනාධිපතිවරණය ගැන IHP පෙබරවාරි සමීක්ෂණයට අනුව අනුරට 53%ක්, සජිත්ට 34%ක් සහ ​රනිල්ට 6%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක…

අස්වැසුම වැඩවලින් ඉවත්වීමේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා. ඔවුන් පසුගිය 15 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වෙන්නේ. අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි…

අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරු වී තිබෙනවා

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය. මේ…

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනයට ජනපතිගෙන් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ. රජයේ මුදල් කාරක සභාව හා…

UNP සමඟ නිල වශයෙන් හෝ නොනිල වශයෙන් කිසිඳු රහස් සාකච්ඡාවක් නැහැ – එස්.එම්. මරික්කාර්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් කිසිඳු රහස් සාකච්ඡාවක් නොපවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂලාගේ රැකවලා වශයෙන් සිටියදී එය තුළට යාමට හැකියාවක් නොමැති බවත්, සමගි ජන බලවේගයේ පිරිස්…

ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) සිදුව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති UNDP වැඩසටහන් පිළිබඳව එහි නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයින්ට පැහැදිලි කළ බවද, රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ වර්ධනය…