Month April 2024

අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් – ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රජාන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රතිපත්තියක් බව ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ, පළමුව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම බවද, දෙවනුව ආර්ථික ක්‍රියාවලිය තුළ සහභාගීත්වය වැඩිකිරීම බවද, තෙවනුව ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සමාජය තුළ බෙදී…

චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2 ක් දිවයිනට

චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසනවා. එම ලොකු ළුෑණු බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු සඳහන් කළේ. තවත් නෞකාවක් ලබන 11 වැනිදා…

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පැවසීය. එසේම සිංහල හා හින්දු…

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරමින් සිටියා.

ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් අද රට තුළ නිර්මාණය වෙලා

පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති…

සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක,…

රටේ ආර්ථිකය ශක්තිමත් වීම නිසා ගුරු පුරප්පාඩු පිරවීමට හැකිව තිබෙනවා

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල්…

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී අදාළ රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් – ජනපති

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව…

ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා…

මධ්‍යම අධිවේග ව්‍යාපෘතියේදී නිවාස අහිමිවූවන්ට ඉඩම් ඔප්පු

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය – පළමු අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ලබාදුන් ඉඩම් කැබලි සඳහා ඔප්පු ලබාදී තිබෙනවා. ඒ අනුව මහර, ගම්පහ, අත්තනගල්ල, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් කැබලි 7881ක් ව්‍යාපෘතිය සඳහා…