Month April 2024

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පතිවරයාට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම​ට පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ…

අලුත් අවුරුදු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක,…

එච්. නන්දසේනගේ අසුන වීරසේන ගමගේට

එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන සිටින වීරසේන ගමගේ පත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එච්. නන්දසේන (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි

නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසසනවා. ඒ අනුව පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ. මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන්…

දමිතා අබේරත්න CID අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි – පාරිභෝගික සේවා අධිකාරිය

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව භාණ්ඩ මිලදී ගැනිමේදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ…

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 1000ක් බඳවා ගැනීමට පියවර

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් වසර 3ක් සඳහා බඳවා…

උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

උත්සව සමය වෙනුවෙන් (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. ඒ…

වසරේ මුල් මාස 3 තුළ 74,499 ක් රැකියා සඳහා විදෙස්ගත වෙයි

වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 74,499 ක පිරිසක් රැකියා සඳහා විදෙස්ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් බවයි එම කාර්යංශය සඳහන් කළේ. ශ්‍රී…