Month April 2024

දුන්හිඳ Odyssey විශේෂ දුම්රිය අද සිට ධාවනයට

දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් (05) සිට “දුන්හිඳ Odyssey” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම දුම්රිය අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දි​නවල පෙරවරු 6.30 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන අතර බදුල්ලට සවස 5.37 ට ළඟා වන…

සමගි ජන සන්ධානය සහ නිදහස ජනතා සභාව අතර ගිවිසුමට අත්සන් තබයි

සමගි ජන සන්ධානය සමඟ නිදහස ජනතා සභාව නිල වශයෙන් ගිවිසුමකට එළඹීම (05) සිදු වී තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ. මේ සඳහා නිදහස…

ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවේ යැයි අපේක්ෂා කරනවා – IMF

සිය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව එම වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර වාණි​ජ ණය හිමියන් සමග ගිවිසුම්වලට එළැඹෙනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ වී…

අපි තාම ඉන්නේ ඒදණ්ඩ උඩ – ජනපති

මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. 2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර සමාජ සුබසාධනය වෙනුවෙන් දරන…

වෙනත් වසරවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූණා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පැවසුවාය. මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද…

රජය විදේශ ණය සහ පොලිය වශයෙන් ඇ.ඩො. මිලියන 1,909.7 ක් ගෙවා අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය. ශ්‍රී…

ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් රජය ඇරඹූ වැඩසටහන් සාර්ථක කර ගැනීමට සහාය වීම දේශපාලන නියෝජිතයන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු අස්වැසුම, උරුමය සහ කඳුරට දශකය ඇතුළු වැඩසටහන්වල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද සහාය අවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසීය. 2024 අයවැය මඟින්  ජනාධිපතිතුමාගේ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේත් මන්නාරම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උත්සාහ කරනවා – අධ්‍යාපන ඇමති

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නම් අතරට කමිඳු ඇතුළත් වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා වන නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද යෝජනාවී තිබෙනවා. ඒ ඔහු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලකුණු…