Month April 2024

මැති ඇමතිවරු නැකතට වැඩ කරලත් අවුරුදු 75 කට පස්සෙ රට බංකොලොත් – සංස්කෘතික ඇමති

නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර…

69 ලක්ෂයම ඡන්දෙ දුන්නත් අනුරට ලක්ෂ 75ට එන්න බෑ – චන්දිම වීරක්කොඩි

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය මැතිවරණයෙන් ලක්ෂ 56 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

දමිතා අබේරත්න සහ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රිමාන්ඩ්

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

නාමල් ජනපතිවරණයට ආවොත් පොහොට්ටුව දෙකට බෙදෙනවා – ප්‍රසන්න රණතුංග

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. දැනට සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්…

වාහන ගෙන්වන්නේ සංචාරක කර්මාන්තය සඳහා පමණයි – රංජිත් සියඹලාපිටිය

ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සංචාරක කර්මාන්තය සඳහා බස් 250ක් සහ…

ජනාධිපතිවරණ බැලට් පේපර් එකේ රනිල්ගේ නම නෑ, පොහොට්ටුවේ ලකුණ අනිවාර්යෙන්ම තියෙනවා – උදයංග

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නොවන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරයට ඉදිරිපත් කරන බවත් එය ජනාධිපතිවරයාටද දැනුම්දී ඇති බවයි Youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට…

එළවළු මිල ශීඝ්‍ර ලෙස පහත වැටිලා – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය

මේ වන විට එළවළු මිල ශීඝ්‍ර ලෙස පහත ගොස් ඇති බව ​දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී. එස්. සිරිවර්ධන පවසනවා. ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40 – 50 දක්වා පහත වැටී ඇති බවත් බණ්ඩක්කා, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා,…

නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි

දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව…

මෙම වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේ ජනාධිපතිවරණයට පමණයි – සුසිල්

මේ වර්ෂයට මුදල් වෙන් වී ජනාධිපතිවරණයක් පැවැත්වීමට පමණක් බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

අරගලයෙන් පසු සිදුකළ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් අධිකරණයට පොරොන්දුවක්

මහජන අරගලයෙන් පසුව ස්ථාන මාරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු…