Month April 2024

ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමරුවට

අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.…

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙනවා

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක…

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය. සිංහල…

රට තුළ සිදුකරන ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතියද නවීකරණය විය යුතුයි- ජනපති

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නීතිඥවරුන් සමඟ (07) මහනුවර මහවැලි රීච් හෝටලයේ…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය. 2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,854,308 ක් බවද…

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දීමටයි

රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී…

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් (08) ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර…

ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් – ජනපති

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද…

ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල…

මා රටේ නායකත්වය කරා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය ද සමඟයි

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල්…