Month April 2024

අප්‍රේල් 15 රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම (10) ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කර…

2025 වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකියි – රංජිත් සියඹලාපිටිය

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ක්‍රමක්‍රමයෙන්…

රැල්ලට ගියොත් 2024 දීත් පරිප්පුවක් කන්න තමයි වෙන්⁣නෙ – හරීන්

මිනිසුන්ට නව වසරක් ගැන මේ වන විට විශ්වාසයක් ඇතිවී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. විවාදයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ රට භාර නොගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් බවත්, එවිට වැඩ කර පෙන්වා ඇත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ජනතාවට තීරණය කළ හැකි බවයි…

උත්සව සමයේ කිසිඳු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය වෙළඳපළට පැමිණ තිබෙනවා – මහින්ද අමරවීර

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකිව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන්…

අස්වැසුමට තවත් පවුල් 182,000ක් සුදුසුකම් ලබයි

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බවයි…

තැපැල් සේවය 12 වනදාත් වැඩ

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත්, එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කරනවා. අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා…

උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ…

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක් විය. පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත්…

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවයේ තරග සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා…