Month April 2024

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

(12) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින්…

අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත්…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ICC Women’s T20 World Cup Qualifier: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ චමරි අතපත්තුයි. සංචිතය සදහා 15 හැවිරිදි…

වීසා කාලය ඉක්මවූ 2,400 කට අධික විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව සඳහන් කර…

විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම ලබන 22 වැනි දා දක්වා අත්හිටුවයි

එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. අලුත් අවුරුදු…

කෝටි 06ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.…

ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි ඊළඟ අදියර වශෙයන් මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…

අනුර හා සජිත් අතර සමස්ත අර්බුදයෙන් රට ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයකට සූදානම් – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ…