Month April 2024

101 වියැති මිත්තණිය අවුරුදු දෙකේ බබෙක් වෙලා

ගුවන්යානා ප්‍රවේශපත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ දෝෂයක් හේතුවෙන් චිකාගෝ නුවර සිට මිචිගන් ප්‍රාන්තය බලා පියාසර කිරීමට නියමිතව සිටි 101 හැවිරිදි මිත්තණියක අවුරුදු දෙකක බිලිඳියකු ලෙස සටහන් වීමෙන් ගුවන්තොටුපොළ නිලධාරීන් අවුල්සහගත තත්ත්වයකට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැට්‍රීෂියා නමැති…

පාකිස්තානයේ මහමැතිවරණයේ මන්ත්‍රීවරුන් රුපියල් බිලියන 100කට විකිණිලා

පාකිස්තානයේ පසුගිය මහමැතිවරණය ඊට පෙර 2018දී පැවති මහමැතිවරණයට වඩා දූෂිත බව වත්මන් සභාග රජයේ විරුද්ධ දේශපාලන පක්ෂයක් වන ජමියට් උලමා ඉස්ලාම් පක්ෂයේ ප්‍රධානි මවුලානා ෆසාලුර් රහ්මාන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පිෂින් නුවර පැවති මහජන රැස්වීමකට සහභාගි…

බ්‍රිතාන්‍ය තෙල් නැවකට රතු මුහුදේදී හවුති ප්‍රහාරයක් අමෙරිකානු ඩ්‍රෝනයකුත් බිම දමති

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේදී බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අතරතුරදීම අමෙරිකාවට අයත් ඩ්‍රෝනයක් ද පහරදී විනාශ කර ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන යුද්ධයට එරෙහිව…

ටයිටැනික් නැවෙන් හමු වූ රන් ඔරලෝසුවක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

වසර 1912දී ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් පසු එහි ගමන්ගත් ධනවත් මගියකුගේ මළසිරුරකින් සොයාගෙන ඇතැයි කියන සාක්කු රන් ඔරලෝසුවක් එංගලන්තයේ වෙන්දේසියකදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.17ක (අමෙරිකානු ඩොලර් මිලියන 1.46) වාර්තාගත මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාක්කුවේ රැගෙන යන…

ඩුබායි ගිය මලල ක්‍රීඩා පොඩ්ඩෝ පදක්කම් 5ක් දිනති

ඩුබායිහිදී පැවති 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් 5 දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් විය. ශ්‍රී ලංකාවට තනි ඉසව්වකින් හිමි වූ එකම පදක්කම දිනා ගැනීමට කාන්තා තුන්පිම්ම…

අයිපීඑල් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියට චිත්‍රපට නළු සාහිල් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු සාහිල් ඛාන් ඊයේ මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින් කරන ලද…

18 හැවිරිදි ජනනි ධනංජනා රන් දිනයි / ශ්‍රී ලංකාවට රන් 2යි: රිදී 2යි: ලෝකඩ 1යි

මොරොක්කෝවේ මරකෙච් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී 18 හැවිරිදි ජනනි ධනංජනා රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය එක් අතක් අහිමි (T47) කාණ්ඩයෙන් මීටර් 100 තරගයේදී තත්පර 13.75කින් තරගය නිමකොට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් පදක්කම සටහන්…

ඇහැළේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරයක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කරගනිමින් එය ඉටි රූප කෞතුකාගාරය ලෙස නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසයි. ඇහැළේපොළ වලව්ව අයත් මහනුවර…

මුදල් අමාත්‍යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක්

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ලබා දෙන ලදි. ඒ අනුව මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉකුත් (26) සිට තවත් වසරක කාලයක රාජකාරියේ…

උමා ඔයේ කාන්දුවක් ඇත්නම් එය නැවැත්විය හැකියි

එය අනුමත කළ නොහැකි බව හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය අතුල සේනාරත්න කියයි උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ භූගත උමං මාර්ගයේ ජල කාන්දුවක් සිදුවන්නේ නම් එය වැළැක්වීම සඳහා ඉතා පහසු ක්‍රියාමාර්ග තිබෙන බැවින් කෙන්දක් වැනි ගැටලුව කන්දක් ලෙස පෙන්වා ජාතික ජන…