Month April 2024

පාකිස්තාන රජයට එරෙහිව හෙට බලුකිස්තානයේදී දැවැන්ත ජන රැලියක්

පාකිස්තානයේ අලුතින් පිහිටුවනු ලැබූ විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානය සමඟ එක්ව (13) බලුකිස්තානයේදී දැවැන්ත මහජන රැලියක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇතැයි පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තානයේ වත්මන් රජයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ…

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුත්තු තිදෙනෙක් මරුට – මුනුපුරෝ තිදෙනාත් මිය යති

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියාගේ පුතුන් තිදෙනකු සහ මුනුපුරන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට කටාර් රාජ්‍යයේ පදිංචිව සිටින හමාස් නායකයා මේ බව තහවුරු කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන්…

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

කැකිරාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාගර්ගයේ (12)  පෙ.ව.5.20 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇත්තේ පුබ්බිලිය,හැලඹගහවත්ත අංක 88  යන ස්ථානයේ පදිංචි ව සිටි ප්‍රසන්න බංඩාර හේරත් නැමති 32 හැවිරිදි අයෙකි. මේ පිළිබද කැකිරාව…

සංස්කෘතිය වනසන අවුරුදු තරඟ ගැන පොලිසිය අවධානයෙන්

අවුරුදු උත්සව වල අසභ්‍ය තරග පැවැත්වීම පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙයි මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ද  පොලිසිය අවධාරණය කරයි

හම්බෙගමුවේ සාදයක වෙඩි තැබීමක්

හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙයි (12) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම…

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග

බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙසේ මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබෙන…

අද හා හෙට කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

(13) හා (14) දිනවල කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මෙම දිනවල නගරාන්තර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එසේම විශේෂ කාල සටහනක් යටතේ දුම්රිය ගමන් වාර 06…

ජී.එල්. පීරිස්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විනය ක්‍රියාමාර්ග

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභාව තීරණය කර තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගියදා සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි…

අද කාලගුණ නිවේදනය

(13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ප.ව. 2.00 න් පමණ පසු උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…

ගිනිගත්හේන මැදි විදුහලේ සිසුහු මෝටර් රථයක් නිපදවති

හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මැදි මහා විදුහලේ 13 ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් නිපදවා තිබේ. ගිනිගත්හේන මැදි විදුහලේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ආචාර්ය ඉන්දික කාරියවසම්ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරන කළණ කෞශල්‍ය සිසුවාගේ නායකත්වයෙන් යුත්…