Month April 2024

ජනප්‍රිය පොප් ගායිකාවක් අබිරහස් ලෙස මරුට

ජනප්‍රිය කොරියානු පොප් ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ. 30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර පසුගිය බ්‍රහස්පතින්දා(11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය…

අන්තර්-විශ්වවිද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරගාවලියට යූනියන් ඇෂුවරන්ස් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සිය ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සාර්ථකව නිම කළ බව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බළකායේ බුද්ධිමය දායකත්වය සහ විශිෂ්ට කුසලතා සැමරීමේ අරමුණින් පැවැත්වූ, මෙම තරගාවලියට දිවයින පුරා…

සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 කාන්තා දිනය සමරයි

“ඇය සවිබල ගැන්වීම දැය සවිබල ගැන්වීමයි” තේමාව පෙරදැරිකොට ගනිමින් ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන් සවිබලගැන්වීම තම තිරසර මූල්‍ය ප්‍රතිපත්තියේ එක් ප්‍රමුඛ අරමුණක් කරගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 මාර්තු 8 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරන්නට යෙදිණි. ඒ…

AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකු සහයෝගීතාව එළැඹීම උත්කර්ෂවත්ව සමරයි

ඓතිහාසික සහයෝගිතාවයකට එළැඹි AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදි. ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති…

පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිශේකාභිමාන මංගල්‍යය-2024

ව්‍යවසායකත්වය පාසලෙන් ඇරැඹීමේ අරමුණ පෙරදැරිව කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පාසල්වල “පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව” ආරම්භ කරනු ලැබීය. 2023 ජුනි 27 වැනි දින කොළඹ නාලන්දා විද්‍යාලයේ දී එහි සමාරම්භය සනිටුහන් කෙරිණි.…

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Bes t Management Practices Company Awards 2024 සම්මාන උලෙළේදී පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ශක්තිමත්ම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) 2024 වසරේ විශිෂ්ට කළමනාකරණ ක්‍රියාවලි අනුගමනය කරන සමාගම් සඳහා වූ (Best Management Practices Company Awards 2024) සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. සම්මාන උලෙළ 2024 මාර්තු 13 වැනි…

වසර 2047දී ඉන්දියාවෙන් න්‍යෂ්ටික බලශක්තිය මෙගාවොට් ලක්ෂයක ඉලක්කයක්

වසර 2047 වන විට න්‍යෂ්ටික බලය මෙගාවොට් ලක්ෂයක් උත්පාදනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය දැනට එරට පවතින මෙගාවොට් අටදහසට වඩා අතිවිශාල උත්පාදනයක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දියාවේ පරමාණුක ශක්ති කොමිෂන් සභාවේ…

දකුණු කොරියාවේ බලය විපක්ෂයට පාලක පක්ෂයට අන්ත පරාජයක්

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පාලක පක්ෂය වන මහජන බල පක්ෂය පරදවා විපක්ෂය විශිෂ්ට ජයක් අත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ තවත් සුළුතර පක්ෂ එක්ව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ඡන්ද 300න් 192ක්ම ලැබූ බව…

පාකිස්තාන දේශසීමාව අසල ත්‍රස්ත ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක නිලධාරීහු 5ක් මරුට

දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේ රාස්ක් සහ චබහාර්…

චීන සමාගමක ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳ යුරෝපා හවුල පෝලන්තයට අනතුරු අඟවයි

පෝලන්තයේ සමුද්‍ර මෙහෙයුම් සඳහා එක් වී සිටින චීනයට අයත් සමාගමක ක්‍රියාකාරකම් එරට ආරක්ෂක කටයුතුවලට තර්ජනයක් විය හැකි බවට තොරතුරු වාර්තා වී ඇතැයි පෝලන්ත ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පෝලන්ත රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂාව හා…