Month April 2024

ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. (13) රාත්‍රීයේ ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට…

උත්සව සමයේ සියලු රෝහල්වල රෝගී සත්කාර සේවා කාර්යක්ෂමව

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි සියලු රෝහල් බලධාරින්ට  උපදෙස් දෙන ලදැයි සෞඛ්‍ය  ලේකම් විශේෂඥ වෛද්‍ය  පාලිත මහීපාල පවසයි.…

යුපුන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය…

රිය අනතුරකින් දෙදෙනෙක් මරුට දෙදෙනෙකුට බරපතලයි

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල දි (14)  පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත්   කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් ගත්  දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. හාලිඇල ගණදෙවි කෝවිල ආසන්නයේ දි උදෑසන…

කෝටි තුනක කොකේන් ගිලූ කාන්තාවක් කටුනායක දී කොටුවෙයි

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි විදේශීය  කාන්තාවක් පසුගිය (12) වැනිදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .…

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය…

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ ප්‍රකාශ කළේය. ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා…

යළි කොළඹට පැමිණෙන ජනතාවට අතිරේක දුම්රිය සේවා යොදවයි

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ පවසනවා. ඒ අනුව (15) බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක්…

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව…

පෙර වසරවලට සාපේක්ෂව අවුරුදු අනතුරුවල අඩුවක්

(14) දිනය වන විට විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවත් ගිණිකෙළි අනතුරු කිසිවක් 13 වන දින වාර්තාවී නොමැති බවද ජාතික රෝහලේ…