Month April 2024

අතුරුදන් වූ දරුවෙක් නිසා බටහිර ඉවුරේ ප්‍රචණ්ඩත්වයක්

බටහිර ඉවුරේ අතුරුදහන් වූ  පිරිමි ළමයෙකු සෙවීමේ ඊශ්‍රායල මෙහෙයුමක් අතරතුර ප්‍රචණ්ඩත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රදේශයේ සිටි යුදෙව් පදිංචිකරුවන් සමග ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. අතුරුදන් වූ 14…

සිඩ්නි ප්‍රහාරකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයකදී පුද්ගලයන් හය දෙනෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරිනිය එරට අගමැතිනිය වීරයෙකු ලෙස පිළිගෙන තිබෙනවා. බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හඳුන්වමින් අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ එම පොලිස් නිලධාරිනිය ජීවිත බේරාගත් බවට…

නීති කඩන බස් රියදුරන් ගැන 1955 ට කියන්න

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු…

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම ගැන සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වේ. සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ…

සයිබර් ආරක්ෂාවට රජයේ ආයතනවලට ප්‍රධාන ඩිජිටල් නිලධාරීන්

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් අමාත්‍යංශය සහ රාජ්‍ය අංශයේ ආයතන සඳහා ප්‍රධාන ඩිජිටල් නිලධාරී තනතුරක් ඇති කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. මේ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක…

මතීෂ මුම්බායි ඉනිම වනසයි

රෝහිත් ෂර්මාගේ නොදැවුණු ශතකය අපතේ යවමින් මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම (14) සමත් විය. මුම්බායි හි…

තරුණ ප්‍රජාව ආරක්ෂා කරන්න Instagramවලට නව විශේෂාංගයක්

තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වා දී තිබේ. නව විශේෂාංග මගින් ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කෙරෙනු ඇත. විශේෂයෙන්…

ලෝක බලවතාගෙන් පැමිණි අවුරුදු සුබ පැතුම

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබෙයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩන් මෙලෙස සිය සුබපැතුම් එක්කර තිබීම විශේෂත්වයකි.

සුනඛයින් වෙනුවෙන් නව ගුවන්සේවයක්

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් 11වැනි බ්‍රහස්පතින්දා එම සමාගම මේ බව නිවේදනය කළේය. ඒ…

බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර…