Month April 2024

ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12වැනිදා සිට 14 වැනිදා දක්වා බ්‍රිස්බේන්හි පැවති අතර රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් මේ සඳහා සහභාගී වී…

කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර(16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරන ලදී. Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි,…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන්

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(17) පෙරවරුවේ සිදු කෙරුණි. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම(16)…

විදේශිකයාට සද්දේ දැමූ මුදලාලිට ලැබුණු ඇප

අලුත්කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක…

දමිතා සහ ඇගේ සැමියා යළි රිමාන්ඩ්

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (17) නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු…

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් නුවරදී සිදුකර තිබෙනවා. ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාරදීමට නියමිතයි. පසුව ජුලි 26 වනදා පැරිස්…

සූර්ය මංගල්‍යය ගීතය විකෘති කළ බවට සැකකෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේගේ “සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය…

සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා…

අද බස් වැඩි ධාරිතාවයකින් ධාවනය කරනවා – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම​ය

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි…

සිංගප්පූරුවේදී සිංහල-දමිළ අලුත් අවුරුදු උලෙළ ඉහළින් සමරයි

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, මහා කරුණා බෞද්ධ සංගමය හා සිංහල බෞද්ධ සංගමය එක්ව සංවිධාන කළ සංස්කෘතික උලෙළ අප්‍රේල් 14 වැනිදා සන්ධ්‍යාවේ දී සෙරන්ගූන්හි PGP ශාලාවේදී පැවැත්විණි. උඩරට පහතරට නර්තනාංග හා බෙරවාදන, භරත නැටුම් මෙන්ම…