Month April 2024

කෑගලු අවුරුදු උත්සවයකදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියා ගෙදරින් එළවා දමලා

ගමේ අවුරුදු උත්සවයේදී සූප්පුවෙන් කිරි බීමේ තරගයේදී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවෙසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 36 හැවිරිදි දෙදරු පියකු සිය බිරිය…

කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති 03 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී  ස්ථාන…

අපි තාම ස්ටේජ් නැග්ගේ නෑනේ ඔහොම යං – ඩයනා

ජාතික ජන බලවේගයට මේ වන විට ඇති රැල්ල මැතිවරණය පැමිණෙන විට යන්නේ කොහේටද දැයි බලාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. මෙවැනි රැළි ඕනෑ තරම් දැක ඇති බවත්, එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයට රැල්ලක් පැමිණි බවත්, නමුත් අවසානයේ එක්…

පාස්කු ප්‍රහාරයට එරෙහිව ජාතික ජන බලවේග රජයක් තුළදී ක්‍රියාකරන ආකාරය ගැන ප්‍රතිඥාවක්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විසඳීම සඳහා ජාතික ජන බලවේගය රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන කරුණු 7කින් යුත් ප්‍රතිඥාවක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ…

දැන් වමේ දේශපාලනයක් නෑ – නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත්, එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ප්‍රතිපත්තියක් ඇති බවට එයම පමණක් අල්ලාගෙන සිටීමෙන් පළක් නොවන බවත්, අලුතින් සිතිය යුතු බවයි උත්සවයක් අමතමින්…

මෙවර සා/පෙළට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි අතර පෞද්ගලික…

මියන්මාරයේ සිරදඬුවම් නියමව සිටි ලාංකික ධීවරයින්ට පොදු සමාවක්

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට පසුගිය…

අවුරුදු දිනවල සත්තු වත්තෙනුත් වාර්තා ගත ආදායමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු පවසයි. අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය.…

ජල නාස්තිය අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම්…