Month April 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් ‘කලා පොළ’ කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.මෙයට කලාකරුවන්ගෙන් සහ නරඹන්නන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරය. එහි අලෙවියේ සමස්ත වටිනාකම රු:මිලියන 51 ඉක්මවීය. (මේ අගයට නව නිර්මාණ…

කඩුගන්නාව නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යයි

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක එල්.එස්. එගොඩවිට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ඇතුළු පිරිස කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කළ අයුරු. මධ්‍යම පළාතට ප්‍රවේශ වන ප්‍රධාන පිවිසුමක් වන කඩුගන්නාව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස…

සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ 2,000කට වැඩි පිරිසක් එක්වෙති

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් ඊශ්‍රායලයේදී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලයේ ප්‍රජාව හා එක්ව සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමරා තිබෙන අතර ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 2,000කට අධික සංඛ්‍යාවක් සමඟ ජෙරුසලමේ…

තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය: විදුලිසර වැදීමෙන් ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්වලට බරපතළ හානි වෙලා

හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී.…

ඉලක්කගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක් විය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

ඉදිරි කාලයේ ඉලක්ක සහගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් අධිෂ්ඨාන සහගතව එක් විය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.…

ලෝක උරුම කළ යුතු තැන් කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා

ලෝක උරුම දිනය අදට (18) යෙදී ඇත. මේ වන විට රිටිගල, අරන්කැලේ, මානාකන්ද බෞද්ධ භාවනා ස්ථාන, මිහින්තලය, ඔරටෝරියම් පල්ලි, ඝර්ම කලාපීය නූතන වාස්තු විද්‍යාව, 19 වැනි සියවසේ අග භාගයේ බිතු සිතුවම් සහිත ස්ථාන, වාරි කර්මාන්ත පද්ධතිය, තේ භූ දර්ශනය, පැරණි…

ශ්‍රී ලංකාව ණය ගෙවාගත හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, එසේ කළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ…

ශ්‍රීලනිපය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලු දෙනාගේ වගකීමක් – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලුදෙනාගේ වගකීම යැයි ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය(17) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහි…

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ (17) බෝංචි,තක්කාලි,රාබු වැනි එළවළු කීපයක කිලෝවක තොග මිල රුපියල් 30ත් 70ත් අතර පැවැති බව ගොවීහු පවසති.ඒ අනුව එහි එළවළු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි විය. බෝංචි 50 – 70, රාබු 40, තක්කාලි 30 – 40,…