Month April 2024

O/L විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර, පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින්…

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් 8ක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ…

අද උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල උණුසුම ද අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි…

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ, විශේෂඥ වෛද්‍ය ශෙරිල් බාලසිංහම් පවසනවා. 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.…

ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21 ක් ඉරානයෙන් බේරාගනී

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා. ආදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කුණාටුවක් හේතුවෙන් ඉරානයේ ජැස්ක්…

ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ​ව තවදුරටත් සාකච්ඡා කරනවා – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා හොඳ විශ්වාසයකින් එක්වන බවත්, එහිදී සියල්ලටම සාධාරණ ලෙස කටයුතු කිරීමට මෙන්ම එවැනි සාකච්ඡාවලදී…

GT vs DC : Delhi Capitals කණ්ඩායමට කඩුලු 6 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ඊයේ Gujarat Titans කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම අතර අහ්මදාබාද්හි දී පැවැත්වුණා. එහිදී Gujarat පිළ ලකුණු 89 කට දැවී ගිය අතර Delhi පි​ළ කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. කාසියේ…

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව අප්‍රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්‍රේල්…

දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැක්කේ සංහිඳියාව මුල් කරගෙන බිහිවන ආණ්ඩුවකින් – ඇමැති ඩග්ලස් දේවානන්දා

උතුරු නැඟෙනහිර දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැක්කේ සංහිඳියාව මුල් කරගෙන බිහිවන රජයකින් පමණක් බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා (16) යාපනයේදී පැවැසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේ ජාතික සේවක සංගම් රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. තවදුරටත් අදහස් දැක්…